සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව බිලියන 5700 ක ණයක් ලබාගැනීමේ වෑයම තිස්ස අත්තනායක හෙලි කරයි…

Podu මේ වන විට සමගි ජන බලවේගයේ පක්‍ෂ ව්‍යවස්ථාව සම්පාදනය කර අවසන් කර ඇති  බවත්, එම කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පක්‍ෂ විධායක සභාවට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට නියමිත අතර එම කටයුත්ත ලබන සතියේ විධායක සභාව රැස්ව සිදුකිරීමට බලාපොරොත්තු වන බව අද (14) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අවධාරණය කරන ලදි. මෙම සාකච්ඡාව සඳහා තිස්ස අත්තනායක  සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් සහභාගී වූ අතර එහිදී පක්‍ෂ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව පියවර කීහිපයක් ඉදිරියට යාමට සිදුවන බවත් ඒ අනුව පළමුව ව්‍යස්ථානුකූලව නිලධාරීන් පත් කිරීම සිදුකළ යුතු අතර පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව සියළුම නිලධාරින් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා පක්‍ෂ නායකයා විසින් පත් කිරීමට නියමිතව ඇති බවත් ඒ පිළිබඳව පක්‍ෂ කළමණාකරන කමිටුවේ අනුමැතිය ලබාගෙන විධායක සභාවේ එකඟතාවය මත පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අදාළ නිලධාරීන් පත් කිරීමට නියමිත බව අත්තයානයක මහතා විසින් සඳහන් කරන ලදි.

ඉන් අනතුරුව පක්‍ෂ වැඩසටහන් අනුමත කර ගැනීමට නියමිතව ඇති අතර සමගි ජන බලවේගයේ ඡන්ද පොළ බිම් මට්ටමින් සිදුකරන වැඩ සටහන් සහ පක්‍ෂයට අනුබද්ධ සංවිධාන වන වෘත්තීය සමිති, විද්වත්, නීතිඥ, සංඝ සංවිධාන 2021 වන විට ආරම්භ කීරීමට නියමිත ඇති අතර ඒ වෙනුවෙන් කටයුතු කිරීම සහ තෙවනුව පක්‍ෂයේ සාමාජික ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා 2021 සඳහා පක්‍ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමද ආරම්භ කිරීමට කටයුතු කරමින් පක්‍ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට කටයුතු සිදුකරන බවට වැඩි දුරටත් අවධාරණය කරන ලදි.

මෙම  සියළුම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සියළුම සැලසුම් මේ වන විට සකස් කර අවසන් කර ඇති අතර විධායක සභාවේ අනුමැතියෙන් පසුව පක්‍ෂයේ වැඩපිළිවෙල දියත් කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව ලබන සතිය තුළ දිස්ත්‍රික් වැඩසටහන් ආරම්භ කිරීමට නියමිත බවත් නැවත “දිනමු” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එම වැඩසටහන දිස්ත්‍රික්ක 06 ක සම්පුර්ණ කළ අතර ඉතිරි දිස්ත්‍රික්ක වල ආරම්භ කරන බවත් පක්‍ෂ නායකයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් දේශපාලඥයින් ඇතුළු සියළුම ක්‍රියාකාරීන් සහභාඟි කරවාගෙන එහි වැඩසටහන ආරම්භ කරන බවත් එය ලබන වසරේ පළමු මස තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරන ලදි. සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව තුළ නායකයාගේ කාල සීමාව වසරක කාලයකට සීමා කර ඇති අතර අනෙකුත් තනතුරුද වසරකට සීමා කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහය සමගි ජන බලවේග ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇති අතර එය විධායක සභාවේද පිළිගැනීමට කටයුතු කරන බවත් එ.ජා.ප.යට නව නායකයෙක් අවශ්‍ය වුවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ බහුතරයක් නොමැති වීම නිසා එය සිදුකළ නොහැකි වුවත් එවැනි තත්ත්වයක් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව තුළ නොමැති බවත් සමගි ජන බලවේගයේ සියළුම තනතුරු බහුතර කැමැත්තට අනුව පත් කිරීම සිදුකරන බවද අවධාරණය කරන ලදි.

පාඨළී චම්පික රණවක මහතාට සමගි ජන බලවේගයේ තනතුරක් ලබාදීමට මෙතෙක් එතුමාව තෝරාගෙන නොමැති බවත් විධායක සභාවට අනුව නිලධාරීන් පත් කිරීම පිළිබඳව තීරණය කරන බවත් සුදුසු පුද්ගලයින්ට අවස්ථාව ලබාදෙනු ඇති බවත් මෙතෙක් පක්‍ෂයේ තනතුරු සම්බන්ධව කිසිදු තීන්දුවක් ලබාගෙන නොමැති බවද ඔහු අවධාරණය කරන ලදි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදුන් පිරිස අතරින් ඩයනා ගමගේ මහත්මියට පමණක් අප විනය ක්‍රියාමාර්ග දියත් කරන බවත් එහි පළමු පියවර මේ වන විට ක්‍රියාත්මක කර අවසන් අතර විධායක සභාව රැස්ව එතුමියට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන අතර සහෝදර පක්‍ෂ වල සාමජිකයින්ට එරෙහිව විනය පියවර දියත් කිරීම පක්‍ෂ මහ ලේකම්වරයා විසින් දියත් කරනු ඇති බවත් ඩයනා ගමගේ මහත්මිය විසින් රටේ ණය ප්‍රශ්නයට විසදුමක් ලෙස කන්සා වගා කිරීම සිදුකළ යුතු බවට  පවසා සිටින බවත් එය එතුමියගේ මතයක් බවත් ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකාවක් වන නිසා එය ආණ්ඩුවේ අදහස විය හැකි බවට සඳහන් කරන ලදි.

මහර බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාවේ කරුණු තුළ සාධාරණයක් පවතින බවත් සම්පුර්ණ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අතුරු වාර්තාව පිළිබඳව අප සෑහීමකට පත්වුවත් සම්පුර්ණ වාර්තාව තුළ ආණ්ඩුව කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න නොදන්නා බවත් මේ සිද්ධිය නිසා අගතියට පත්වු පිරිස් වලට සහන මෙන්ම වන්දි ලබාදීම සිදුකළ යුතු බවට විපක්‍ෂය ලෙස අප පවසා සිටින අතර බන්ධනාගාරය තුළ පවතින ගැටළු නිවැරදි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද පෙන්වා දී ඇත.

බන්ධනාගාර රැඳවියන් සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් උද්ඝෝෂණය කළ අවස්ථාවේදී වෙඩි තැබීම සිදුකරනු ලබන්නේ නම් එය නරක පුර්වාදර්ශයක් ලෙස පෙන්වාදිය හැකි අතර මෙම සිද්ධිය ඝාතනයකට සමාන වන බැවින් සිද්ධිය සම්බන්ධව පුර්ණ පරීක්‍ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කළයුතු බවට සමගි ජන බලවේගය පවසා සිටින බවත් මිය ගිය සහ තුවාල ලැබු රැඳවියන්ගේ පවුල් වලට සාධාරණයක් ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට කටයුතු කළ යුතු බවත් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග තිබුණත් එය ක්‍රියාත්මක නොවන බවත් ත්‍රීබල් සී (CCC)  යනුවෙන් සම්ප්‍රාදායක් බන්ධනාගාරය තුළ පවතින අතර එය  ක්‍රියාත්මක විය යුතු වුවත් එය ක්‍රියාත්මක නොවන බවත් රැඳවියන් පස්දෙනෙකුට එක් බන්ධනාගාර නිලධාරියෙකු සිටිය යුතු බවට සම්මතයක් තිබුණත් එයද ක්‍රියාත්මක නොවන බවත් බන්ධනාගාරය තුළ අධික තදබදයක් ඇති වී ඇත්තේ පොලීසිය, අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාවන් නිසා වන අතර සැකකරුවෙකු වරදකරුවෙකු බවට පත්වන තෙක් බන්ධනාගාර ගත කිරීම නිසා බන්ධනාගාර වල අධික තදබදයක් ඇති වී ඇති අතර එම පිරිස නඩත්තු කිරීම සඳහා ද රජයට විශාල වියදමක් දැරීමට සිදුවන බවද මෙහිදී පෙන්වා දී ඇත.

අයවැය ලේඛණය තුලින් සිදුකළ යුත්තේ ආර්ථික ගැටළු වලට දිගු කාලීන, මධ්‍ය කාලීන මෙන්ම කෙටි කාලීන සැලසුම් සකස් කර විසදුම් සෙවීම වුවත් එය සිදුවී නොමැති අතර කොරෝනා වසංගතය නිසා කඩා වැටුණු ආර්ථිකය නඟාසිටුවීමට මෙන්ම ජන ජීවිතය ශක්තිමත් කිරීමට මෙන්ම ආදායම් මාර්ග ඇති කළ යුතු වුවත් ඒ සඳහා සැලසුම් ඉදිරිපත් නොකර මාර්ග ඉදිකිරීමට, ක්‍රීඩා පිටි ඉදිකිරීම සඳහා විශාල මුදලක් වෙන් කරන බවත් ජාතික අර්බුදයට විසදුම් ලබානොදි මෙවැනි ව්‍යාපෘති තුලින් ආණ්ඩුව මුල්‍ය වාසි ලබාගැනීමට මෙන්ම ආණ්ඩුවේ ගජ මිතුරන්ට මුල්‍ය වාසි ලබාදීමට අයවැය තුලින් කටයුතු කර ඇති බවද අවධාරණය කරන  ලදි.

අද වන විට රාජ්‍ය සේවය කප්පාදුවී ඇති අතර ස්වාධීනත්වයට දැඩි හානියක් සිදුවෙමින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොවන බවත් රක්‍ෂිත වනාන්තර විනාශ කිරීමට එරෙහිව  ආදිවාසි නායකයාද විරෝධතාවය දක්වන බවත් එය බරපතල තත්ත්වයක් වන අතර දුෂණය, සොරකම නැවත රට තුළ මතු වෙමින් පවතින අතර එම නිසා මෙවැනි තත්ත්වයන් තුලින් ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයා ෆේල් වී ඇති බවත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- ක් කරන බවට අයවැය ඉදිරිපත් කරන විට පවසා සිටියත් අයවැය විවාදය අවසන් වන විට වතු සමාගම් වලින් ඒ සඳහා ඉල්ලීමක් කරන බව පවසා සිටින අතර එම නිසා ආණ්ඩුව නැවත වරක් වතු කම්කරුවන් මුලාවට පත් කිරීමට කටයුතු කර ඇති බවත් මේ ආණ්ඩුව බිලියන 5700 ක ණයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් එවැනි මුදලක් ලබාගැනීමට කටයුතු කරන්නේ කුමක් සඳහා ද යන්න පවසා නොසිටින අතර ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන විසින් ශ්‍රී ලංකාව ලබන වසරේදී බංකෙලොත් රටක් බවට පත්වනු ඇති බවට පවසා ඇති තත්ත්වයක් තුළ මේ ආකාරයට ණය ලබාගැනීම සිදුකරනු ලබන්නේ කුමක් නිසාද යන්න ගැටළුවක් බව සඳහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට