සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන නීති උල්ලංගණය කරමින් ආණ්ඩුව රැස්වීම් පවත්වයි, සමගි ජන බලවේගයෙන් චෝදනා…

Podu ආණ්ඩුව විසින් සිදුකරනු ලබන නිරෝධායන නීති උල්ලංගණය පිළිබඳව වෛද්‍යවරුන් සහ පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එයට එරෙහිව යමක් පැවසීමට කටයුතු නොකරන බව අද (22) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගය අවධාරණය කලේය. මෙම මාධ්‍ය හමුව සඳහා ලක්ෂගමන් කිරිඇල්ල සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් සහභාගීවූ අතර එහිදී වැඩිදුරටත් සදහන් කරසිටියේ අද වන විට රජය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ සටන අත්හැර ඇති බවක් දකිනට ලැබෙන අතර දිනෙන් දින කොරෝනා ආසාදිතයින් වැඩි වුවත් සිදුකරන ලබන පී.සී.ආර් පරීක්ෂණ ගණන වැඩි කර නොමැති බවත් රජය විසින් මංගල උත්සව සහ අවමංගල කටයුතු සඳහා 50 ක පිරිසක් පමණක් සහභාගිවිය හැකි බවට නීති පැනවීමට කටයුතු කළත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දිවයින පුරා විවිධ රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන අතර එම රැස්වීම් සඳහා 500 ට වඩා වැඩි පිරිස් සහභාගි කරවා ගැනීමක් දක්නට ලැබෙන බවයි.

ආණ්ඩුව ගම සමඟ පිළිසඳරක් යනුවෙන් වැඩ සටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි දකුණු පළාත් වැඩසටහන සඳහා 1000 ට වැඩි පිරිසක් සහභාගිවු බවත් මහනුවර පැවැත්වු රැස්වීම සඳහා ද විශාල පිරිසක් සහභාගිවු අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති රුස්වීමට කොරෝනා ආසාදිතයෙකු පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙය බරපතල තත්ත්වයක් වන අතර ආණ්ඩුවේ තීන්දු තීරණ නිසා අද වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැඩි වෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන කොරෝනා මර්ධන ආණ්ඩුව උල්ලංගණය කරමින් කටයුතු කරන බවට අවධාරණය කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට