ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව අද ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන අතර රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගතය සහ ඒ තුලින් මතුව ඇති ආර්කථි අර්බුදය සම්බන්ධව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.