සත්‍යයේ පුවත් අඩහැරය….

කොමිස් මුදල් අපේක්‍ෂාවෙන් ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය විකුණනවා – සමගි ජන බලවේගය ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යම් ආකාරයකට සංවර්ධනය කරන ලද්දක් වන අතර එය ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය විසින් අද (07) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි.ආණ්ඩුවේ පිරිස් නැගෙනහිර පර්යන්තය විකිණීමට කටයුතු නොකරන බවට පාර්ලිමේන්තුවේදී පවසා සිටියත් ඉන්දියානු අද්වානි සමාගමත් සමග අදාළ සාකච්ඡාවන් මේ වන විටත් සිදුවෙමින් පවතින අතර ඊට අදාළ කෙටුම්පත් සකස් වෙමින් පවතින බවත් නැගෙනහිර පර්යන්තයේ 51% ප්‍රමාණයක් මෙරට රජයට අයිති බවට බලධාරීන් පවසා සිටියත් ඉතිරි කොටස විකිණීමක් නොවන්නේද යන්න ආණ්ඩුවෙන් විමසා සිටින බව හෙතම වැඩිදුරටත් පවසන ලදී. ඉන්දියානු සමාගමක් සමග සිදුකරනු ලබන මෙම ගනුදෙනුවෙන් කොමිස් මුදල් හිමිවන්නේ කවුරුන්ටද, කොපමණ කොමිස් මුදලක් හිමිවන්නේද යන්න පිළිබඳව බලධාරීන්ගෙන් විමසා සිටින අතර ආණ්ඩුව ජනතාවට කොළය වසා මාධ්‍ය මර්ධනය කරමින් මෙරට සම්පත් විකිණීමේ කටයුතු කරන බව හෙතම පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට