සත්‍යයේ පුවත් අඩහැරය….

ගාල්ල බන්ධනාගාරයේ 37 ට කොරෝනා ..

Podu ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. ඊයේ (05) දින ගාල්ල බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් 39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කරන ලද අතර එම පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව සඳහන් වේ. බන්ධනාගාර වාට්ටුවේ සිටි කාන්තා සිරකාරියින් 39 දෙනාගෙන් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනාගෙන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසා ඇත.



 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට