සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස් ශ්‍රමීකයින් ගෙන්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය විරෝධතාවයේ ..

Podu විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් කඩිනමින් විපතට පත්ව සිටින එම පිරිස් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී ඊයේ (07) විරෝධතාවයක නිරත විය.සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතවරු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටින ලදී. රටට විදේශ විනිමය ගෙන එන විදෙස්ගත ශ්‍රීලාංකිකයින් එදා මැතිවරණයට පෙර රට විරුවන් ලෙස ආණ්ඩුවේ පිරිස් හැදින්වූවද අද ඔවුන් එතෙර දුක් විදින අයුරු ආණ්ඩුව නොදැකකා මෙන් සිටින බවත් විදෙස්ගත ශ්‍රමිකයන් පවා අද මාෆියාවකට හසුකොට ඇති බව හෙතම පවසයි. ආණ්ඩුවේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමිය යුතු බව හෙතම පවසයි. මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර,  කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට