පාර්ලිමේන්තුව අද රැස්වේ..
පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාර්ලිමේන්තුව රැස්වන අතර පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සභාවාරය අද සහ හෙට (20) දිනයට පමණක් සීමා කර තිබේ. මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවද අද දිනයේදී රැස්වීමට නියමිතව ඇත.