සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැති සහ වරයා වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සහ අග්‍රාමාත්‍යවරයා අතර විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත ඇති බව සඳහන්බ වේ. මෙම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරයි. කෙසේවෙතත් වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට