සත්‍යයේ පුවත් අඩහැරය….

සිංහලෙන් වීරයන් වී ජාත්‍යන්තරය හමුවේ ඉංග්‍රීසියෙන් බලුවන තත්ත්වයක් රට තුළ ඇතිව තිබෙනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

Podu බහුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව ජනතා ගැටළු සැඟවීම සඳහා විවිධ මාතෘකා කරළියට ගෙනඑමින් නාටක රඟදක්වමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (10) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ඒ මහතා එහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත පළකරන ලදී.

දේශපාලන වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙරට ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කර ගත්තා. මේ වනවිට විමල් වීරවංශ මහතා පිළිබඳ මාතෘකාවක් ගෙනහැර රටේ ගැටළු වසන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

සීනි සඳහා පාලන මිලක් ඇතිකිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කළ බවක් තමන් නොදන්නේ යැයි බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය ලැජ්ජාවක් නෙමැතිව සිදුකළ ප්‍රකාශයක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව කැබිනට් අමාත්‍යවරයෙකුට නොදන්වා ගැසට් පත්‍රයක් පළකර සීනි මඟින් වංචා කිරීමට අවස්ථාව ලබාදුන් ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයා කවුරුන්දැයි විමසීමට සිදුවනවා.

කොරෝනා වසංගතය පිළිබඳ ආණ්ඩුව සත්‍ය තොරතුරු රටට හෙළි කරන්නේ නෑ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිරිස් අතර පරස්පර විරෝධී අදහස් පැවතියා. ඉන්දියාව සහ අප අතර පවතින සම්බන්ධතාවය වෙනත් දිශාවකට හැරවීමටත් චීනය සමඟ පවතින සබඳතා පුළුල්කර ගැනීමටත් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. චීනය සමඟ සමීප සබඳතා පවත්වන රටවල් ශ්‍රී ලංකාව සමඟ සිය සම්බන්ධතා වර්ධනය කරගැනීමට උත්සාහ කරමින් සිටින බවක් පෙනීයනවා. පාකිස්ථානයේ රාජ්‍ය නායකයා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ චීනයේ අවශ්‍යතාවය මත වියහැකියි. ශ්‍රී ලංකාව මෙතරම් දීන තත්ත්වයකට පත්ව ඇද්දැයි ආණ්ඩුවෙන් අප විමසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ගමින් ගමට යමින් සිටිනවා. එය පෙර සැලසුම් කරන ලද වැඩසටහනක් බව පැවසිය හැකියි. මෙය බොරුවක් නම් ඔප්පු කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරනවා.

මියන්මාරය තුළ ඇතිව තිබෙන තත්ත්වයට සමාන තත්ත්වයක් කරා ගමන්කළ හැකිදැයි යන සිහිනය දකිමින් සිටින වත්මන් ආණ්ඩුව, පාස්කු කොමිසම හරහා මෙරට ජනතාව ඇන්දවීමට කටයුතු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියළුදෙනා අධිකරණය හමුවට ගෙන එන ලෙස ඉල්ලා සිටිනවා.

පසුගිය සමයේදී “විදුලි පුටුව” මහින්ද රාජපක්ෂත මහතාගේ තේමා පාඨය වුනා. “විදුලි පුටුව” ඇතුළු තවත් එවැනි ගැටළු රැසකින් රට බේරාගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ නමුත් මහර බන්ධනාගාරයේ ගැටුම, රාජ්‍ය සේවයේ තනතුරු සඳහා යුද හමුදා නිලධාරීන් පත්කිරීම, රාජ්‍ය සේවයට බැලපෑම් එල්ලකිරීම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීම වැනි කරුණු තුළින් රට ගැටළු සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. සිංහලෙන් වීරයන් වී ජාත්‍යන්තරය හමුවේ ඉංග්‍රීසියෙන් බලුවන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත ගැටළුවලට පිළිතුරක් නොවෙයි. මංගල සමරවීර මහතාගේ 30 (1) යෝජනාව පිළිබඳ ආණ්ඩුව විශාල ලෙස කථාබහ කළා. ඔහුගේ සම්පූර්ණ කාර්යය සහ එවකට රට තුළ උද්ගතව පැවති තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වියයුතුයි. කිනම් අයුරකින් හෝ රටට යම් හානියක් සිදුවන්නේ නම් කිසිදු විටෙක අප ඊට අකමැතියි. නමුත් වත්මන් පාලකයින් රටට හානියක් සිදුවන ලෙස කටයුතු කරන්නේ නම් ජාත්‍යන්තරය හෝ මැදිහත්ව මෙරට ජනතාවගේ අයිතීන් සුරැකීම ගැටළුවක් නොවෙයි.

අධිකරණ විසින් ගන්නා ඇතැම් තීරණ අනුව අධිකරණ ක්‍ෂේත්‍යර වෙත දැඩි ලෙස අත පෙවීමක් සිදුවන බව මනාව පැහැදිලි වනවා. යුද හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මනා පෞරුෂයක් සහිත සෘජුව කටයුතු කරන වීරයෙකු බවට ඇතිව තිබූ මතය අද වනවිට බොරුවක් බවට පත්ව තිබෙනවා. අවම වශයෙන් මෙම ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණදී ඒවා නිසිලෙස අවසන් කරගැනීමට හෝ කටයුතු නොකර පිටුපස දොරෙන් එම ගැටළු විසඳා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක එතුමා නිරතව සිටිනවා. දිගින් දිගටම මෙලෙස කටයුතු කළහොත් ජිනීවා මානව හිමිකම් කොමිසම, මෙරටට එරෙහිව මීට වඩා විශාල චෝදනා එල්ල කරාවි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මේ වනවිට අමු අමුවේම වලපල්ලට යමින් තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එම සිරුරු කිසිදු අයුරකින් භූමදානය කිරීම සඳහා අවස්ථාවක් නොදෙන බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පැවසුවා. කුමක් හෝ සිදුකර සිය බලය රැකගැනීමට රාජපක්ෂ‍වරුන් කටයුතු කරන බව මේ අනුව පැහැදිලි වනවා. මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන් වෙනුවෙන්දැයි ආණ්ඩුවෙන් විමසනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය කාලය තුළ සක්සකළ අන්තවාදී සහ ජාතිවාදී වැඩපිළිවෙල යම් සමනය වීමක් කරා ගෙනයාම සඳහා මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ භාවිතා කළා. සංඝරත්නය විසින් පාංශු කූලය ලබාදීම පවා අත්හැර කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට කටයුතු කර තිබියදී මුස්ලිම් සිරුරු අදාහනය හෝ භූමදානය පිළිබඳ රට තුළ විශාල කතාබහක් ඇතිව තිබුනා. ජාතිකත්වය පෙන්වා රට ව්‍යසනයක් කරා ඇදදැමීමට උත්සාහ කළ ආණ්ඩුව, අද දිනයේදී මුස්ලිම් සිරුරු භූමදානයට අවස්ථාව ලබාදෙන්නේ යැයි පැවසුවා. නයි මතුවීම ඇතුළු විවිධ නාටක නිර්මාණය කර බලයට පැමිණි ආණ්ඩුව, කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ අරමුණින් එහි නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදෙන බව පෙන්වාදී තවත් නාට්‍යයක් නිර්මාණය කළා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට