සත්‍යයේ පුවත් අඩහැරය….

අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද ..

Podu අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි මත අද දිනයේ සිදු කරනු ඇතැයි වාර්තා වේ. කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ලබන්නේ අද උදෑසන සිදු කිරීමට නියමිත රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ තීරණය මත බව සඳහන්යි වේ. කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත විය. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඉකුත්දා පළමුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී. පසුව කොළඹ IDH රෝහලට මාරු කරන ලදී. 1941 දී උපත ලබන ඔහු නමින් විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර වුවද මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ වී.ජ.මු. ලොකුබණ්ඩාර නමින්. මෙරට දේශපානයේ කෘතහස්ත චරිතයක් වූ ඔහු 1977දී පළමුවරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙනවා. සංස්කෘතික, අධ්‍යාපන, මාධ්‍ය, නීති ප්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන යන කැබිනට් අමාත්‍ය ධූරද දරා ඇති වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මෙරට පාර්ලිමේන්තුවේ 18වන කතානායකවරයායි. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සිදු කරන කථා මාධ්‍යයට ලබා දීමට පළමුවරට කටයුතු කළේද ඒ මහතායි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට