සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව ජාත්‍යන්තරය සමග බල තුලනයක් තුළ කටයුතු කළ යුතුයි – සමගි ජන බලවේගය ..

Podu ඓතිහාසික වශයෙන් මෙරට සමග දිර්ඝ කාලීන මිත්‍රත්වයකින් කටයුතු කරන ලද රටක් වන පකිස්ථානයේ රාජ්‍ය නායකයා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර එතුමා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බවට මීට පෙර සනාථ කර තිබුණද අද වන විට පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කිරීමට කටයුතු කර ඇති බවත් එයබරපතල ගැටළුවක් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. විදේශ ප්‍රතිපත්තිය පෙර පාසල් ළමුන් සෙල්ලම් කරන ආකාරයට වෙනස් වන බවත්, රටක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති අතර ඉන්දියාව සහ පකිස්ථානය යනු රටවල් දෙකක් වන අතර අතීතයේ සිට නායකයින් එම රටවල් වල වැදගත් කම පිළිබඳව අවධානය යොමු කරමින් එම රටවල් සමග සුහදව කටයුතු කළත් වත්මන් ආණ්ඩුව ඒ ආකාරයට කටයුතු නොකරන බවට හෙතම පවසන ලදී.

පකිස්ථාන රාජ්‍ය නායකයා වන ඉම්රාන් ඛාන් යනු ලෝකය තුල ගෞරවයට ලක්ව ඇති නායකයෙකු වන බවත්, එතුමා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කිරීමේ තීරණය මෙරට පාලකයින් ගනු ලැබුවේ පකිස්ථාන රජයත් සමග සාකච්ඡා කරද යන්න විමසා සිටින බවත්, මේ පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහාද විවිධ කරුණු ඉදිරිපත් කිරීම සිදුකරමින් සිටින බවත්, එම නිසා ඒකපාර්ශීක ලෙස ආණ්ඩුව ගත් තීරණයක්ද යන්න සැක සහිත අතර  මෙවැනි අවලංගු කිරීමක් එම රාජ්‍ය නායකයාට මෙන්ම එරටට සිදුකරනු ලබන අපහාසයක් ලෙස පෙන්වාදිය හැකි බව හෙතම සඳහන් කළ අතර ජාත්‍යන්තර දේශපාලනය නිසි ලෙස තුලනය කර ගැනීමට මෙන්ම නිසි ලෙස කියවා ගැනීමට කටයුතු නොකලහොත් රට කුමන ස්ථානයකට ගමන් කරනු ඇද්ද යන්න බරපතල ප්‍රශ්නයක් වන බවත්, අතීතයේ මෙරට දේශපාලඥයින් නිසියාකාරව ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති සම්බන්ධතා පවත්වා ගනිමින් නිසි ලෙස බලය තුලනය කර ගෙන කටයුතු කළ බවත්, මෙරට විදේශ ප්‍රතිපත්තිය කලාපීය වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර ලෝකය ඉදිරියේ මෙරට විදේශ ප්‍රතිපත්තිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද හෙතම වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට