සත්‍යයේ පුවත් අඩහැරය….

නීති ක්‍ෂේත්‍රයේ නව පත්වීම් කිහිපයකට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ යෝජනාව සඳහා පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය පළවී තිබේ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙසේ අර්ජුන ඔබේසේකර මහතා පත්කර තිබේ. එමෙන්ම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කේ.පී ප්‍රනාන්දු මහතාවත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාවත් පත්කිරීමටද පාර්ලිමේන්තු සභාව සිය එකඟතාව පළකර ඇත. මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතාව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමටද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට