සත්‍යයේ පුවත් අඩහැරය….

තමන්ට එරෙහි ජනතා විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaවර්ධනය වෙමින් පවතින ජනතා විරෝධය හේතුවෙන් මේ වනවිට දැඩි බියකට පත්ව සිටින වත්මන් ආණ්ඩුව, සමාජ මාධ්‍ය ඡාලා හරහා විවිධ අදහස් පළකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂවණ දෙපාර්තමේන්තුව කැඳවීමට තරම් පහත් තත්ත්වයකට පත්ව සිටින බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි.ඊයේ (06) ආණමඩුව, එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි.

මෙහිදී ඒ මහතා වැඩිදුරටත් පහත පරිදි සිය අදහස් මාධ්‍ය වෙත පළකර සිටියේය.

තමන්ට එරෙහිව රට තුළ වර්ධනය වෙමින් පවතින මහජන විරෝධතාවයන් මර්දනය කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඡාලා තුළ යම් යම් අදහස් පළකරනු ලබන පිරිස් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

පවතින නීතියට අනුව සමාජ මාධ්‍ය ඡාලා තුළ යම් යම් අදහස් පළකරන පිරිස් ඉහත ආකාරයට අත්අඩංගුවට ගත නොහැකියි. එවැන්නක් සඳහා ආණ්ඩුවට හෝ පොලිසියට කිසිදු බලයක් ලබාදී නෑ. යම් හෙයකින් සමාජ මාධ්‍යයක ඡාලා තුළ සිදුකරන යම් යම් අදහස් මඟින් පුද්ගලයින් අතර යම් වෛරයක් ඇති වන්නේ නම් පමණක් එවැනි අදහස් පළකරන පුද්ගලයින් අත්අඩංගුවට ගතහැකියි. යම් සිදුවීමක් සම්බන්ධයෙන් තමන් දන්නා දේ පිළිබඳ අදහස් පළකිරීම, අත්අඩංගුවට ගැනීමට තරම් වන වරදක් නොවෙයි.

නීතිය අභිබවා ගොස් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් එම වගකීම පොලිස් නිලධාරීන් වෙත පැවරෙන බැවින් ආණ්ඩුව විසින් හිතුමනාපයට පවසන සියල්ල පිළිනොගෙන තමාගේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමුකරන මෙන් පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද පිළිගෙන තිබෙන අදහස් පළකිරීමේ අයිතිය ආරක්ෂා කිරීම, ආණ්ඩුවේ වගකීමක්. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහි මහජන අප්‍රසාදය සහ පිළිකුල තවදුරටත් වර්ධනය වේවි. තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වාදුන් 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව විනිවිදභාවය ආරක්ෂා කරමින් රට පාලනය කළා. එහිදී එවක විපක්ෂය ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ පිරිස් තොරතුරු දැනගැනීමේ අයිතිය උපයෝගි කරගනිමින් දැඩි විවේචන එල්ල කළත් ඒ පිළිබඳ එම ආණ්ඩුව කලබල වූයේ නෑ.

ගිනිගැනීමට ලක්වූ නෞකාව පිළිබඳ යම් යම් අදහස් පළකිරීම නිසා සිය පක්ෂයේ ආසන සංවිධායකවරියක් මෙන්ම පර්යේෂිකාවක්ද වන මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. අදාළ සිදුවිම් පිළිබඳ සමාජය දැනුවත් කළ බැවින් ඇයව මෙසේ ප්‍රශ්න කිරීම සඳහා කැඳවීම දැඩි ලැජ්ජා සහගත කාර්යයක් ලෙස හැඳින්විය හැකියි. ඒ පිළිබඳ අප අපගේ දැඩි අප්‍රසාදය පළකරනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට