සත්‍යයේ පුවත් අඩහැරය….

තෙවන එන්නතක් පිළිබඳව සාකච්ඡා කිරීම විහිළුවක් – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaරජය නියමිත කාලය තුළ අවශ්‍ය පියවර නොගැනීම නිසා රටේ ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් එන්නත්කරණ වැඩපිළිවෙල අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ත්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි.ආණ්ඩුව විසින් එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රාදේශීය දේශපාලඥයින් හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ තුළින් එන්නත්කරණ වැඩපිළිවෙලද දේශපාලනීකරණයට ලක්ව ඇති බව හෙතම පවසා සිටින අතර මොරටුවේ නගරාධිපතිවරයා එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා අනවශය ලෙස මැදිහත් වු බවත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කළ එන්නත්කරණ වැඩපිළිවෙල දේශපාලනීකරණයට ලක්වු බව හෙතම පවසයි.   එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධව විපක්ෂ ය ලෙස පසුගිය කාලය පුරා දිගින් දිගටම කථා කළ බවත් කොරෝනා වසංගතයෙන් මිදීමට නම් එන්නත්කරණය දියත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව විපක්ෂ ය මිට ඉහතදී පෙන්වාදීමට කටයුතු කළත් ඒ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු නොකළ බව හෙතම වැඩිදුරටත්අ පැවසීය.  අද වන විට තුන්වන එන්නතක් පිළිබඳව රට තුළ කතා වුවත් මේ වන විට ඇතැම් එන්නත් වල දෙවන මාත්‍රාව පවා ලබාදීමට නොහැකිවී ඇති අතර එවැනි පසුබිමක් තුළ තුන්වන් එන්නත් මාත්‍රාවක් පිළිබඳව සාකච්ඡා කිරීම විහිළුවක් මන්ත්‍රීවරයා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට