සත්‍යයේ පුවත් අඩහැරය….

කතානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංගය භාරදෙයි…

Thissaමාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් සම්මත කිරීමට කටයුතු කර ඇති බව චෝදනා කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (05) දින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති අතර ඒ සඳහා විපක්‍ෂයේ මන්ත්‍රීවරු 44දෙනෙකු අත්සන් කර ඇත.

කතානායකවරයා පක්‍ෂග්‍රාහීව කටයුතු කිරිම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කිරීම, කතානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැරීම ආදී චෝදනා රැසක් මෙම විශ්වාසභංග යෝජනාව තුළ අන්තර්ගත කර ඇති බව විපක්‍ෂය සඳහන් කරයි.

1b733c7e-b681-42d1-9b1d-2fd506606b13

download

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට