සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් පක්‍ෂය නව සන්ධානයකින් එළි බසී…

Thissaරට තුළ උද්ගත ඇති අර්බුදයන් පිළිබඳව සිතා ජනතාවට පිළිගතහැකි දේශපාලන සන්ධානයක් පිහිටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. අද (05) පක්‍ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී සිරිසේන මහතා මේ පිළිබඳව පවසා ඇති අතර සන්ධානය සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කිරීමටත්, සියළු ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සහ පක්‍ෂ උපසභාපති කීර්ති උඩවත්ත සහභාගිවී ඇත.

ශ්‍රී.ල.නි.ප කාන්තා සංවිධානයේ නිලවරණය සම්බන්ධව ජනතාව නොමග යැවීම සඳහා වන වැරදි මත සමාජගත වෙමින් පවතින් බවත්, නිලවරණය අවසන් වීමෙන් පසුව සියළුම දෙනා සතුටු වී විසිර ගිය පසුබිමක් තුළ නිලවරණයෙන් දින 02ට පසුව මාධ්‍ය තුළ එහිදී සිදුනොවු වැරදි චිත්‍රයක් ජනගත කිරීමට කටයුතු කළ බවත්, ඒ සම්බන්ධව කණගාටුව පලකරන අතර කාන්තා සංවිධානය තුළ කිසිදු අසමගියක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ජනතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, විදුලි බිල අඩු කිරීමට කටයුතු කළත් එය ප්‍රමාණවත් නොවන බවත්, අසාධාරණ ලෙස පනවන ලද බදු නිසා ජනතාව පීඩාවට පත්වීම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ධීවර, ගොවි ඇතුළු සෑම අංශයකම පිරිස් අර්බුදයන්ට ලක්ව ඇති අතර කාදිනල් හිමිපාණන්ට එරෙහිවද පසුගිය දිනක ධීවර ජනතාව විරෝධතාවය පල කිරීමක් සිදුකළ බැවින් කඩිනමින් මෙම ගැ‍ටළු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගතයුතු බව සිරිසේන මහතා පෙන්වා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට