සත්‍යයේ පුවත් අඩහැරය….

බැසිල්ගේ ආගමනය විපක්‍ෂයට අභියෝගයක්, රෝහිත අබේගුණවර්ධන …

Thissaබැසිල් රාජපක්‍ෂ මහතා දිවයිනට පැමිණීම ඇතැම් පිරිස් භීතියට පත් කිරීමක් බවට පත්වූ බව පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. බැසිල් රාජපක්‍ෂ මහතාට හොඳ සංවිධාන හැකියාවක් පවතින බැවින් එතුමාගේ පැමිණිම විපක්‍ෂයේ චෝදනාවන්ට ලක්වූ බවත්, කෙසේවෙතත් ඉදිරියේදී පැවැතු්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට සූදනම් බව පැවසීය. අද (05) දින නෙලුම් මාවත, පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබඳව පැවසීය.

මෙරට ආර්ථිකය කඩාවැටී ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී කවුරු ජනාධිපතිවරයා බවට පත්වුවත් එතුමාට සතුටින් සිටීමට නොහැකි බවත්, ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කිරීමට වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සතු 03% සීමාව වර්තමානයේදී යම් ආකාරයකින් වර්ධනයක් පෙන්නුම් කළත් එය 100% කින් වර්ධනය කරගැනීමට නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට