සත්‍යයේ පුවත් අඩහැරය….

නියත පරාජයක් උරුම බව දන්නා නිසා වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල්දමමින් සිටිනවා – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

 /><span style=නියත පරාජයක් තමන්ට උරුම වන බව දන්නා බැවින් වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසා සිටියි. අද (09) බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් සිදු කරන ලද බලපෑම හේතුවෙන්, මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට වත්මන් මහ බැංකු අධිපතිවරයා තීරණය කර අැති බව සහ වත්මන් පොලිස්පතිවරයා සහ අාණ්ඩුව අතර පවතින සම්බන්ධතාවය නිසා පොලිසිය විසින් මෙම බැදුම්කර වංචාව පිළිබදව සිදු කරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ගේ යම් යම් වෙනස් වීම් සිදුවිය යුතු නිසා කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වුවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිදු අාකාරයක් ඉඩක් ලබා නොදෙන බවත් ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහ පාලන ලේකම් රේණුක පෙරේරා යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට