සත්‍යයේ පුවත් අඩහැරය….

කුමන බලකායක් පිහිටුවුවත් වැඩ කරන ජනතා බලය යටපත් කිරීමට අාණ්ඩුවට කිසිදු හැකියාවක් නෑ – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

විශේෂ බලකායක් නොව මහසොහොන් බලකායක් පිහිටුවුවද මෙරට වෘත්තීය සමිති මර්දනය කර ජනතා බලය යටපත් කිරීමට අාණ්ඩුවට කිසිදු අයුරකින් නොහැකි බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (27) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වමින් ජයලාල් මහතා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා යොදා ගනිමින් වෘත්තීය සමිති මර්දනය කිරීමට අාණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඒ තුළින් අාණ්ඩුවේ අවසානය වහා වහාම ලගා වනු අැති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බන්ධනාගාර ගත කළ සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතා දියත් කළ වැඩ කරන ජනතාව සමග අර්බුදකාරී තත්ත්වයක් අැති කර නොගන්නා මෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවද රන්ජන් ජයලාල් මහතා සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ සහ ශ්‍රී ලංකා ඛණිජ තෙල් සේවක සංගමයේ සභාපති අශෝක රංවල යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට