සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී එක්‌දින වර්ජනයක්‌ ලබන සතියේ, විසදුම් නැත්තම් දැවැන්ත වර්ජනයක් කරා යනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට අැතිව තිබෙන ගැටළුකාරී තත්ත්වයට විසඳුමක්‌ ලබා නොදීමට විරෝධය පළ කරමින් ලබන මැයි 04 හෝ 05 වනදා එක්‌දින වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (29) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෙෙද්‍ය නලින්ද හේරත් මහතා විසිනි.

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයටෙන් පසුවත් “සයිටම්” ගැටළුව සම්බන්ධයෙන් විසදුමක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් දිවයින පුරා දැවැන්ත සහ අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන මැයි 09 වනදා තීරණයකට එළඹෙන බවද මෙහිදී සිය අදහස් දක්වමින් වෙෙද්‍ය නලින්ද හේරත් මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සදහා වෘත්තීය සංගම් සියයකට අධික ප්‍රමාණයක් සිය සහාය පළ කර අැති අතර “සයිටම්” ගැටළුව සම්බන්ධයෙන් රජය මේ වන විට අත්තනෝමතික භාවයෙන් ඔබ්බට ගොස්‌ දැඩි දේශපාලන උන්මත්තකභාවයකින් කටයුතු කරන බවද උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ මුදල් අවභාවිතා කර රජයේ සහ පුද්ගලික මාධ්‍ය ඔස්සේ “සයිටම්” වෙෙද්‍ය විද්‍යාලය සදහා දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් සිටින බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කර සිටින ලදී.

වෘත්තීය සමිති මර්දනය කිරීම සදහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පත්කිරීම තුළින් සිදුවන්නේ ත්‍රිවිධ හමුදාව ජනතාව අතර අපකීර්තියට පත්වීම පමණක් බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මෙහිදී පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට