සත්‍යයේ පුවත් අඩහැරය….

මැයි දිනය දා පාසැල් වල වෙනත් උත්සව සංවිධානය කිරීම කණගාටුදායකයි – ලංකා ගුරු සේවා සංගමය

මැයි දිනයේ අැති වැදගත්කම පහදා දීම විනා ඊට අදාළ නොවන වෙනත් උත්සව සංවිධානය කරමින් මෙරට වැඩ කරන ජනතාව ලෙස අනාගතයට පියනගන පාසැල් දරුවන් හට මැයි දිනය යනු තවත් නිවාඩු දිනයක් පමණක් බව හදුන්වා දීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කිරීම කණගාටුදායක බව ලංකා ගුරු සේවා සංගමය පවසා සිටියි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් වන අතර ලබන මැයි 01 දා ජාතික පාසැල් අැතුළු පාසැල් රැසක අවුරුදු උත්සව සංවිධානය කර අැති බවට තම සංගමයට කරුණූ වාර්තා වන අතර අවුරුදු උත්සවයේ වැදගත්කම පාසැල් දරුවන්ට පහදා දීමට නම් ඒ සදහා ගැටළුවක් අැති නොවන අයුරින් පාසැල් කාලසීමාව යොදා ගතයුතුව අැති බවත් මෙම තත්ත්වය හේතුවෙන් ලක්ෂ දෙකක් පමණ වන ගුරු පරපුරටද සිය මැයි දිනය සැමරීම සදහා වන අයිතිය උදුරා ගැනීමක් බවද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා වහාම මැදිහත් වන ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවද මෙම නිවේදනයේ සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට