අදත් බස්නාහිරට වැසි..
අද (19) දිනය තුළදී ද බස්නාහිර පළාතට මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති වනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව යන පළාත්වලට ද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.