සත්‍යයේ පුවත් අඩහැරය….

කැබිනට් සංශෝධනයෙන් කැබිනට් අමාත්‍ය ධුර නවයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් වෙනස් වෙයි..

අද (22) දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර 09 ක් සදහා ජනාධිපතිවරයා විසින් නව පත්කිරීම් සිදු කර ඇත. එ් අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය සදහා මංගල සමරවීර, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සදහා රවී කරුණානායක, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ධූරය සදහා අර්ජුන රණතුංග, වරාය හා නාවික අමාත්‍ය ධූරය සදහා මහින්ද සමරසිංහ, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධූරය සදහා චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් පත් කර ඇත.

එමෙන්ම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක, විශේෂ සංවර්ධන අමාත්‍ය වරයා ලෙස තිලක් මාරපන, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර යන මහත්වරුන් පත් කර තිබේ.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ධූරය දැරූ එස්.බී දිසානායක මහතාට අදාළ ධූරයට අමතරව “කඳුරට උරුමය” ලෙස නව විෂය ක්ෂේත්‍රයක් ද ලබාදී තිබේ. එමෙන්ම කම්කරු, වෘත්තීය සමිති අමාත්‍යධූරය දැරූ ඩබ්.ඩී.ජේ සෙ‍ෙනවිරත්න මහතාට “සබරගමුව සංවර්ධන” නමින් නව විෂය පථයක් හඳුන්වා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට