සත්‍යයේ පුවත් අඩහැරය….

රණවිරු මර්දනයට එරෙහිව විදි බැස සටන් කළ යුතුයි – සරත් වීරසේකර ..

දෙමළ බෙදුම්වාදීන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත තිස්වසරක් පුරා රට තුළ පැවති යුද්ධය අවසන් කළ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයන් වෙත යොමු කිරීමට වත්මන් බලධාරීන් කටයුතු සිදු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සමාජික සරත් වීරසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (31) නාවල රාජගිරියේ පිහිටි එම සංවිධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසුරිය මහතා විසින් යුධ අපරාධ සිදු කර ඇති බවත් එතුමාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට යස්මින් සුකා නැමති රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සමාජිකව චෝදනා කරමින් සිටින අතර ඊට එරෙහිව ලංකා ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් දියත් නොකර එම චෝදනාවන් අනමුත කරමින් කටයුතු කිරීම තුළින් මෙරට රණවිරුවන් දැඩි ලෙස පාවාදීම සිදු කරන බව එතුමා වැඩිදුරටත් පවසා සිටි. රට තුළ උද්ගතව ඇති තත්ත්වයන්ට ජනතාව විරෝධතාවය දක්වන ආකාරයට රණවිරුවන් මර්දනයට එරෙහිව එරෙහිව ජනතාව විදි බැස විරෝධතාවය දැක්විය යුතු බවද හෙතම වැඩිදුරටත් සඳහන් කර සිටින ලදි. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන සමාජිකයින් ද සහභාඟිවි සිටින ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට