සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්ථාවට එරෙහිව “එළිය” එළි දකියි..

 alt=බෙදුම්වාදීන් සහ ජාත්‍යන්තරය පිනවමින් රට පාවා දීම සදහා වත්මන් අාණ්ඩුව විසින් ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව අැති නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව “එළිය” නමින් නව සංවිධානයක් පිහිටුවා ගැනීම ඊයේ (06) සිදුවිය. හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව සංවිධානය පිහිටුවා ගන්නා ලද අතර බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවති මෙම අවස්ථාව සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ යන මහත්වරුන් අැතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි විය.

පුජ්‍ය පක්ෂය මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර පැමිණ සිටි අාරාධිතයින් රැසක් විසින් උත්සව සභාව අාමන්ත්‍රණය කර සිය අදහස් දක්වා සිටින ලදී. මෙහිදී සිය අදහස් පළ කරමින් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ, තිස් වසරක යුද්ධය අවසන් කරමින් රටට ගෙන අා ජය, මෙම නව ව්‍යවස්ථාව තුළින් බෙදුම්වාදීන් සහ ජාත්‍යන්තරයට පාවා දීමක් සිදුවන බැවින් ඊට එරෙහිව කටයුතු කිරීම අරමුණු කරගනිමින් මෙම නව සංවිධානය පිහිටුවා ගන්නා ලද බවයි.

රණවිරුවන්ට කිසිදු අාකාරයකින් හානියක් නොවන බව සපථ කරමින් බලයට පැමිණි වත්මන් අාණ්ඩුව අද වන විට දිවි හිමියෙන් රට බේරා ගත් රණවිරුවන් පාවා දීමට කටයුතු කරමින් සිටින බව ද ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට