කඩුවෙල, හෝමාගම සංවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක්..
කඩුවෙල, හෝමාගම යන ප්‍රදේශ විධිමත් ලෙස සංවර්ධනය කිරීම සදහා වැඩපිළිවෙලක් දියත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශව අවධාරණය කර සිටියි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටින්නේ මේ සදහා කොලොන්නාව, මුල්ලේරියාව වැව අාසන්න ප‍්‍රදේශය සංවර්ධනය කිරීම, අතුරුගිරිය නව නගරයක් ලෙස හා විනෝදාස්වාදය මූලික කරගත් ප‍්‍රදේශයක් බවට පත්කිරීම, මාලඹේ නව නගරයක් ලෙස සංවර්ධනය කිරීම, කඩුවෙල සිට පිටකොටුව තෙක් සැහැල්ලූ දුම්රිය සේවයක් අාරම්භ කිරීම අාදී කටයුතු රැසක් අාරම්භ කිරීමට නියමිතව අැති බවය.