දෙහිවල සත්තු වත්ත අද සිට රාත්‍රියටත් විවෘතයි..
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි දෙහිවල ජාතික සත්වෝද්‍යානය රාත්‍රියේදී පැය තුනක කාලයක් නරඹන්නන් වෙනුවෙන් විවෘත වන අතර එහි සමාරම්භක අවස්ථාව වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේදී සිදුකිරීමට නියමිතව ඇත. එ් අනුව හෙට (22) දින රාත්‍රි 7.00 සිට සතියේ සෙනසුරාදා, ඉරිදා යන දින දෙක ඇතුළත්ව සතියේ අවසන් දින තුන සත්වෝද්‍යානය රාත්‍රි කාලයේ දී මහජනතාවට විවෘතව තැබීමට නියමිතය.