සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්ථා සංශෝධනය ජාත්‍යන්තරයේ වුවමනාවන් සපුරාලීම සදහා ඉදිරිපත් කරන ලද්දක් විනා රටේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා වූවක් නොවෙයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

Bengamuweරජයේ අමාත්‍යවරුන් විසින් කුමන චෝදනා එල්ල කළද සිය පුද්ගලික වියදමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා සහභාගි වූයේ, සාප්පු සවාරි යෑමට නොව රට සහ රට රැක ගත් රණවිරුවන්ට එල්ලවී ඇති චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීම සදහා බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසිනි.

මැතිවරණ නිසි කාලයට නොපවත්වා ජනතාවගේ මැතිවරණ අයිතිය උල්ලංඝණය කරමින් රට විනාශය කරා ගෙන යමින් සිටින වත්මන් ආණ්ඩුවට එරෙහිව රටේ සියළු දේශප්‍රේමී සංවිධාන එක්විය යුතු කාලය දැන් එළඹ ඇති බව ද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත ඇති ව්‍යවස්ථා සංශෝධනය‍, ජාත්‍යන්තරයේ වුවමනාවන් සපුරාලීම සදහා ඉදිරිපත් කරන ලද්දක් විනා රටේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා වූවක් නොවන බවයි.

මේ අනුව වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද්ධයෙන් දිනා ගැනීමට උත්සාහ කරන ලද සියල්ල වත්මන් ආණ්ඩුව විසින් නීත්‍යානුකූල ලෙසම අදාළ පාර්ශවයන් හට ලබා දෙනු ඇති බවද ‍සරත් වීරසේකර මහතා තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර සිටින ලදී. රටට හානිදාය‍ක මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශද්‍රෝහීන් ලෙස හැදින්විය හැකි අතර අදාළ සංශෝධනයට සහාය ලබා දෙන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හටම රුපියල් මිලියන 300 බැගින් ලබා දීමට ද්‍රවිඩ ඩයස්පෝරාවේ සූදානමක් පවතින බැවින් මෙම නව ව්‍යවස්ථාව සම්මත කිරීම සදහා කිසිසේත්ම අවස්ථාවක් ලබානොදිය යුතු බව ද‍ සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා වියත් මග සංවිධානයේ කැදවුම්කරු නාලක ගොඩහේවා, ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ සාමාජිකයින් වන නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට