ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර..
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති එන්. එම්. එස්. මුණසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග පුරප්පාඩු වූ එම ධූරය සදහා ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පත්කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සභාපතිවරයා විසින් අද (13) දින මෙම පත්වීම ලබා දී ඇත.