සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර අයවැයෙන් සෞඛ්‍යට වෙන් කළ මුදල ප්‍රමාණවත් නෑ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=ඉදිරි අයවැය තුළින් මෙරට සෞඛ්‍ය සේවාව සදහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කිසිදු ලෙසකින් ප්‍රමාණවත් නොවන නමුත් රටේ දේශපාලඥයින් විදෙස් රටවලින් තම ප්‍රතිකාර කටයුතු සිදුකර ගනිමින් සිටින බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (15) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ත් 6% ත් අතර ප්‍රමාණයක් වෙන් කිරීමට ලොව රටවල් කටයුතු කරන නමුත් ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 3% ක් වැනි ඉතා පහළ මට්ටමක බවතින බවයි. මෙවර අයවැයෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කර ඇතැයි වාර්තා වන රුපියල් බිලියන 78, පසුගිය වසර වලට සාපේක්ෂව ඉහළ ප්‍රමාණයක් වන නමුත් රට තුළ උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු, බෝනොවන රෝග, ඩෙංගු රෝගය ආදී තත්ත්වයන් තුළ අදාළ මුදල් ප්‍රමාණය කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොවන බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කරන ලදී.

දේශපාලඥයින් විදෙස් රටවලින් ප්‍රතිකාර ගනිමින් රටේ අහිංසක ජනතාවට නිසි සෞඛ්‍ය පහසුකම් ලබානොදීම ඉතා අසාධාරණයක් වන අතර තම මීට දැඩි විරෝධය පළකරන බවද ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයට මෙතෙක් විසදුම් ලබා දීමට බලධාරීන් කිසිදු උත්සහයක් ගෙන නොමැති බවත් මෙම ගැටළුව දිගින් දිගටම ඇදී යන තත්ත්වයක් උදාවී ඇති බැවින් ඊට කඩිනම් විසදුමක් ලබාදීමට ආණ්ඩුව වහාම මැදිහත්ව කටයුතු කළයුතුව ඇති බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික රංජිත් ශාන්ත ලාල් මහතා ද සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට