ඉදිරි මැතිවරණ ගැන ශ්‍රී.ල.නි.ප ය එක්ක කිසිදු ගනුදෙනුවක් නෑ – ඒකාබද්ධ විපක්ෂය
ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු ආකාරයක සාකච්ඡාවකට හෝ ගිවිසුම් වලට නොඑළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සදහා පැමිණෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඒකාබද්ධ විපක්ෂය වෙත ආරාධනාවක් ද සිදුකර ඇති නමුත් අදාළ මැතිවණ වලදී කිසිදු ලෙසකින් එක්ව තරග නොවදින බව ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.