රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද විශේෂ සාකච්ඡාවක..
මාලඹේ “සයිටම්” අර්බුදය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි තීරණ පිළිබද සාකච්ඡා කිරීම සදහා සංගමයේ විධායක සභාව අද (19) විශේෂ රැස්වීමක් පවත්වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.විශේෂ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා රුපියල් කෝටි 09 ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡා කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.