පාකිස්ථානය ජයපැන් බොයි, තුන්වන තරගයෙනුත් ශ්‍රී ලංකාවට පරාජය..
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3-0 ක් ලෙස තමන් සතු කරගැනීමට පාකිස්ථානු කණ්ඩායම ඊයේ (18) සමත්විය. ඒ කණ්ඩායම දෙක අතර පැවති තෙවන එක්දින තරඟයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කරමිනි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48.2 ක් තුළ සියළු දෙනා දැවී ලබාගත් ලකුණු 208, පන්දුවාර 42.3 කදී කඩුළු 03 ක් පමණක් දැවී පසුකර යාමට පාකිස්ථානු කණ්ඩායමට හැකිවිය.