ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් විමර්ශන සමුළුව රැස්වේ…
ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබදව පරීක්ෂණ පැවැත්වීමේ ජගත් මානව හිමිකම් විමර්ශන සමුළුව ලබන 15 දා ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව ඇති අතර එය ලබන 17 දක්වා පැවැත්වනු ඇත. මෙම සමුළුව සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කණ්‌ඩායමක් සහභාගි වීමට නියමිත ඇති අතර මේ පිළිබදව නිරීක්‍ෂණය කිරීම සදහා බුරාස්‌ටි, වෙනිසියුලාව සහ දකුණු කොරියාව මැදිහත් වන බවට වාර්තාවේ.