“සයිටම්” ගැටළුව දේශපාලනිකව විසදුනත් නීතිමය ලෙස විසදිය යුතු ගැටළු රැසක් ඉතිරියි – රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය
මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය මේ වන විට දේශපාලන වශයෙන් ජයගත්ත ද එහි නීතිමය ලෙස විසඳිය යුතු ගැටළු කිහිපයක් පවතින බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් බලධාරීන් හට නිසි උපදෙස් සහ අනුශාසනා ලබාදෙන්නැයි මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.