පළාත් පාලන මැතිවරණය ගැන කථාකරන්න පක්ෂ ලේකම්වරු සහ මැ.කො අතර අද හමුවක්..
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද (30) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම සාකච්ඡාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාවට මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ද සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.