සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සම්පත් විකුණන, වැඩ කරන ජනතාව පෙළන අාණ්ඩුවට එරෙහිව “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” බිහිවෙයි..

 alt=රාජ්‍ය සම්පත් විකුණා දමිමින්, වැඩ කරන ජනතාව තලා පෙළා දමමින් වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ව්‍යසනකාරී පාලනයට එරෙහිව කටයුතු කිරීම සදහා වෘත්තීය සමිති එක්ව ඉදිරියේදී දැවැන්ත කාර්ය භාරයක් සිදුකරන බව “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” අවධාරණය කර සිටියි. අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ රටේ සංවර්ධනය සදහා බව පවසමින් අාරම්භ කරන ලද උමා ඔය වැනි ඊනියා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රටේ ජනතාවගේ උපන් බිම් පවා අහිමිවී ගොස් අැති අතර වත්මන් යහපාලන අාණ්ඩුව රටේ සංවර්ධනයට මුවා වී ජනතාව භුක්ති විදිමින් සිටි සියළු වරප්‍රසාද උදුරාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

රටේ වැඩකරන ජනතාව මෙන්ම රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් අද දිනයේ අත්පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලද අතර හෙට (07) කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල අසළ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් සිදුකර ඉදිරියේදීද ජනතාව දැනුවත් කිරීම සදහා දීපව්‍යාප්තව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන බවද සිල්වෙස්ටර් ජයකොඩි මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ධර්මසිරි ලංකාපේළි, ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් කේෂර කෝට්ටේගොඩ, ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ සහ ටෙලිකොම් ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයේ ජේ.බී ගුණසිංහ යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට