සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව හඩ නගන එකම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය පමණයි – ජාතික සංවිධාන එකමුතුව

 alt=වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට ජාත්‍යන්තරය හමුවේ පාවා දෙන විජාතික ප්‍රතිපත්තියක් දියත් කරමින් සිටින අතර ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව හඩ නගන එකම පිරිස ඒකාබද්ධ විපක්ෂය පමණක් බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි.ඊයේ (12) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති අචාර්ය ගුණදාස අමරසේකර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් අමරසේකර මහතා තවදුරටත් පවසා සිටින ලද්ද‍ේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු වන බැවින් ඒ අනුව සිතා බලා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කරන ලෙස රටේ ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වත්මන් ආණ්ඩුවට එරෙහි මැතිවරණයක් ලෙස සලකා කටයුතු කිරීමට මහා සංඝරත්නය, ජාතික සංවිධාන එකගවී ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට