සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් දෙපාර්තමේන්තුව ද සංවෘත සේවාවක් බවට පත්කරන්න, ලංකා තැපැල් සේවා සංගමයෙන් අමාත්‍යවරයාට ලිපියක්..

 alt=තැපැල් දෙපාර්තමේන්තුව ද සංවෘත සේවාවක් බවට පත්කර දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා තැපැල් සේවා සංගමය, තැපැල් අමාත්‍යවරයාට අවධාරණය කර සිටියි. ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියක මේ බව සදහන් වන අතර දිගු කලක් තිස්සේ තැපැල් දෙපාර්තමේන්තුවට අහිතකර ලෙස බලපා ඇති නව සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම සදහා තැපැල් සේවකයින් හා එම වෘත්තිය සමිති එක්ව අඛණ්ඩ වෘත්තීය අරගගයන්හි නිරත වූ නමුත් අදාළ ගැටළු තවමත් විසදී නොමැති බව ද මෙම ලිපියෙහි සදහන්ය.

බලධාරීන් අදාළ ගැටළු සදහා විසදුම් ලබා දීම කල්මරමින් තැපැල් දෙපාර්තමේන්තුව, පොදු රාජ්‍ය සේවය හා සසඳමින් සිටින බව ද මෙම ලිපියෙහි සදහන්ය.

මෑතකදී ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනයට විසදුම් ලබාදීම සදහා පත් කරන ලද කැබිනට් අනු කමිටුව, දුම්රිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන සේවා සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත් කිරීමට තීරණය කළ අතර තැපැල් දෙපාර්තමේන්තුව ද එසේ සංවෘත සේවාවක් බවට පත්කරන ලෙස අමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එසේ නොකොළොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් මෙම ලිපිය මගින් ලංකා තැපැල් සේවා සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට