ගිනි අවියක් සහ අත් බෝම්බයක් සමග දෙදෙනෙක් දැලේ..
ගිනි අවියක් සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පිටිගල, නියාගම ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා අද (16) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.