සත්‍යයේ පුවත් අඩහැරය….

මැලේසියානු අගමැති දිවයිනට..කොළඹ මාර්ග කීපයක් වැසේ…

 alt=තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග‍්‍රාමාත්‍ය මොහොමඞ් නජිබ් අබ්දුල් රසාක් මහතා අද (17) දිවයිනට පැමිණිමට කටයුතු කර ඇත.ඒ මහතා මෙරට රැඳී සිටින කාලය තුළ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතව ඇත.කෙසේ වෙතත් මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයාගේ පැමිණීමත් සමග අද දිනයේ දි සහ හෙට දිනයේ දි කොලඹ නගරය අවට මාර්ග කීපයක් වසා දැමීමට තිරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව 2017.12.18 (හෙට) දිනයේ දි පෙරවරු 08.15 සිට 10.00 දක්වා කාලය අතරතුර ගාලු මුවදොර වටරවුම සහ පරණ පාර්ලිමේන්තු වටරවුම වරින්වර මිනිත්තු 15ක කාලයක් සදහා වසා දැමීමට සිදුවන බව පොලිසිය විසින් සදහන් කර ඇත.මෙම කාල සීමාවේ දි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය, මහජනතාවගෙන් ඉල්ලා ඇත.
.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට