සත්‍යයේ පුවත් අඩහැරය….

බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් පාලනය, සම්මේලනය නුදුරේදීම සොහොන් බිමක් බවට පත්කරාවි – අචාර්ය සුදත් දේවපුර

 alt=සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් පාලනය දිගින් දිගටම පැවතියහොත් එම සම්මේලනය නුදුරේදීම සොහොන් බිමක් බවට පත්වනු ඇති බව සම්මේලනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරය සදහා ඉදිරිපත්ව සිටින සුදත් දේවපුර මහතා අවධාරණය කර සිටියි.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඉදිරි නිලවරණය සදහා ඉදිරිපත්ව සිටින පිරිස විසින් අද (21) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සුදත් දේවපුර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ රටට, බෞද්ධ ජනතාවට වැඩදායී ආයතනයක් වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පාලනාධිකාරිය සදහා දුසිරිතෙන් තොර, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිගන්නා පිරිසක් වියයුතු බවයි.

2000 වර්ෂයේ සිටම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පාලනය එකම පවුලක් වටා ගොඩනැගී ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට සම්මේලනය සතු අතිවිශාල වටිනාකම් වලින් යුත් දේපළ විශාල ප්‍රමාණයක් සම්මේලනයට අහිමිවී ගොස් ඇති අතර මෙරට බෞද්ධයින් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදිය හැකි එකම ආයතනය වන බෞද්ධ මහා සම්මේලනයේ පාලකයින් එම ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කිසිදු විටෙක සිය අවධානය යොමු නොකරන බව ද දේවපුර මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ සම්මේලනයේ සම ලේකම්ධූරය සදහා ඉදිරිපත්ව සිටින ජයන්ත පීරිස් මහතා පවසා සිටියේ බෞද්ධ මහා සම්මේලනයේ පසුගිය වසර දහයක පාලන කාලය සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමට පත්ව සිටින බවයි. මෙවර නිලවරණයට පාර්ශව තුනක් ඉදිරිපත්ව ඇති බවත් තම කණ්ඩායමේ සාමාජිකයින් සූදුකරුවන්, තැබෑරුම්හල් හිමියන් හෝ මුදල් පසුපස හඹායන්නන් නොව ධාර්මිකව කටයුතු කරන්නන් බව ද ජයන්ත පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම අවස්ථාව සදහා ඉදිරි නිලවරණයට ඉදිරිපත්ව සිටින ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු උපදේශක අශෝක මැණික්ගොඩ සහ විශේෂඥ වෛද්‍ය අශෝක ඉන්ද්‍රජිත් කමලදාස යන් මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට