බස් රථයක් ඇළකට පෙරළි දෙදෙනෙකු මරුට, 43 ක් රෝහලේ..
දුරගමන් සේවා බස් රථයක් අද (23) උදෑසනදී රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ දී පෙරළීයාම නිසා පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, 43 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අදාළ බස්රථය උෟරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ වෙමින් පැවති අතර එය රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේදී දොඩම්ගහ ඇලට පෙරළීම නිසා මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.