සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ ප්‍රථිඵල නිකුත් වෙයි, හපන්නු මෙන්න..

 alt=මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත. www.doenets.lk යන වෙබ් අඩවියෙන් ආදළ ප්‍රතිඵල ලබාගැනීමට හැකිබව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි. අදාළ ප‍්‍රතිපඵල අනුව ජීව විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර ශිෂ්‍යාව විසින් හිමි කරගෙන ඇත. දෙවන ස්ථානය වෙන්නප්පුව ජෝසප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ හසිත ගීත් ගුණසිංහ ශිෂ්‍යාට හිමිවී තිබේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලුක රාමනායක සිසුවා එම විෂය ධාරාවේ තෙවන ස්ථානයට පත්ව ඇත.

යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාරකන් සිසුවා භෞතික විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත. එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සෝමරත්න සිසුවා විසින් හිමිකර ගෙන ඇත. තෙවන ස්ථානයට පත්ව ඇත්තේ යාපනය සාන්ත පැට‍්‍රික් විද්‍යාලයේ ජෙයරාජන් පෝල් ජාන්සන් සිසුවායි.

වාණිජ අංශයේ දිවයිනේ පළමු තැන මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබේ. කොළඹ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් ශිෂයාව විසින් වානිජ විෂය ධාරාවේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇත. කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා සුභාෂිනී දාබරේ සිසුවිය තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.

කලා විෂය ධාරාවේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි විසින් ලබා ගෙන ඇති අතර දෙවන ස්ථානයට කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ සහේලි ආචනා වික‍්‍රමනායක සිසුවිය පත්ව තිබේ. තෙවන ස්ථානය හිමිව ඇත්තේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිල්කි සදූපමා ශිෂ්‍යාවටයි.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පළමු ස්ථානයට පත්ව ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි සිසුවියයි. දෙවන ස්ථානය කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍යමහා විද්‍යාලයේ ප‍්‍රගති ඉෂාන් මධුෂංක සිසුවාට හිමිව ඇති අතර නාරම්මල මයුරපාද මධ්‍යමහා විද්‍යාලයේ පසිදු ලක්ෂාන් සිසුවා එම විෂය ධාරාවේ තෙවන ස්ථානයට පත්ව තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙහි පළමු තැනට පත්ව ඇත්තේ රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග සිසුවා වන අතර දෙවන ස්ථානය දෙබරවැව මධ්‍යමහා විද්‍යාලයේ රමේෂා ශ‍්‍රීමාලි සිසුවිය විසින් හිමිකරගෙන තිබේ. එම අංශයේ තෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේෂ්වරී සෙන්දිල්නාදන් සිසුවියයි.

පොදු විෂය ධාරාවේ පළමු තැනට කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග සිසුවිට පත්ව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් කොළඹ රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න සිසුවා සහ කඳනා ද මැසනඩ් විද්‍යාලයේ බ‍්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් සිසුවා විසින් හිමිකරගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට