සත්‍යයේ පුවත් අඩහැරය….

හවුල් ආණ්ඩු පාලනයෙන් රටම අනතුරේ, මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනවා – ජනතා සේවක පක්ෂය

 alt=රටේ ආරක්ෂාව අනතුරේ හෙළන, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික පාලනය නතර කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු හැකියාවක් නොමැති බව ජනතා සේවක පක්ෂය අවධාරණය කර සිටියි. අද (28) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනතා සේවක පක්ෂයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් විජේසිංහ මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ රටට හිතකර පාලනයක් ඇතිකිරීම සදහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහය පළකිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට එළඹි බවයි. පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ ජනතා සේවක පක්ෂයේ යැයි පවසා ගත් පිරිසක්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළකිරීමට ජනතා සේවක පක්ෂය තීරණය කළ බවට පවසා ඇති බවත් අදාළ පිරිස පක්ෂයේ වත්මන් සාමාජිකයින් නොවන පිරිසක් බව ද ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ජනතා සේවක පක්ෂයේ මුදල් ලේකම් නිලන්ත හේරත් මහතා පවසා සිටියේ ඉහත මාධ්‍ය හමුව පවත්වමින් පක්ෂය පිළිබදව රටතුළ යම් සාවද්‍ය මතයක් ගොඩනැගීමට දරන ලද උත්සහය දැඩිව හෙළා දකින බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය තවත් එක් මැතිවරණයක් පමණක් ලෙස නොව ජනමත විචාරණයක් ලෙස සලකා රටට අහිතකර පාලනයක් ගෙන යන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිය ඡන්දය භාවිතා කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද නිලන්ත හේරත් මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම අවස්ථාවට පක්ෂයේ සාමාජිකයින් රැසක්ද එක්ව සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට