හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට…
ප‍්‍රබල පාතාල සමාජිකයකු වන අංගොඩ ලොක්කාට අයත් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා බ‍්‍රවුන් ෂුගර් වර්යේ හොරොයින් තොගයක් සමඟ ඔහුගේ ප‍්‍රධාන ගෝලයා ඇතුළු සිව්දෙනකු නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් පාතාල නායක අංගොඩ ලොක්කා නැමැත්තා විදේශ රටක සිට පොලිස් නිලධාරියකු අමතමින් රුපියල් ලක්ෂ 5 ක් පොලිසියට ලබාදීමට සුදානම් බවත් තම ගෝලයා නිදහස් කරන ලෙසටත් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇත. පොලිස් මුලස්ථානය කියයි. මෙලෙස අත්අඩංගුවට ගත් සිව්දෙනා වැඩිදුර ප‍්‍රශ්න කිරීම සදහා මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව ද අනාවරණය වේ.