මානව හිමිකම් කොමිසමට 2017 වසරේ පැමිණිලි 5614 ක් ලැබිලා..
පසුගිය 2017 වසර තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 5614 ක් ලැබී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. එම පැමිණිලි අතර නීති විරෝධී ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 1174 ක්‌ද රජයේ නිලධාරීන්ගෙන් පැමිණිලි 1002 ක්‌ද ලැබී තිබේ. අධිකරණ නඩු පිළිබද පැමිණිලි 145 ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇත.