සත්‍යයේ පුවත් අඩහැරය….

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දුන් තීන්දුවට එරෙහිව අධිකරණය ඉදිරියට යනවා – සිංහලේ ජාතික පෙරමුණ

 alt=කාන්තාවන් හට මත්පැන් මිලදී ගැනීම, අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙමින් වත්මන් ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණය සදාචාර විරෝධී බව සිංහලේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසිනි.

පංචශීලය රකින ජනතාවක් වෙසෙන, බෞද්ධ රටක් වන මෙරට බෞද්ධයින්ගේ මානව හිමිකම් පවා කඩවන මෙම තීරණය එක් පෑන් පහරකින් වෙනස් කිරීමේ හැකියාව ජනාධිපිවරයා සතු වුවද එතුමා එසේ නොකරන බවත් මහනායක හිමිවරුන් දැනුවත් කර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගන්නා ලද මෙම තීරණයට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට කටයුතු කරන බව ද පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි තවදුරටත් අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකාව බටහිරකරණයට ලක්කිරීමට ඇතැම් පාර්ශව දැඩි උත්සහයක නිරතවී සිටින මේ මොහොතේ, එවැනි පිරිස් විසින් ලබාදෙන පළතුරු වට්ටි භාර නෙගෙන රටට අහිතකර තීරණවලට විරුද්ධවීමට මහනායක හිමිවරුන් කටයුතු කළයුතුව ඇති බව ද පූජ්‍ය පඤ්ඤාලෝක හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි පවසා සිටියේ රටේ මූලික පැවැත්මට දැඩිලෙස හානිවන ආකාරයට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

රටේ මව්වරුන් විනාශ කරමින් ඒ තුළින් දරුවන් ද විනාශය කරා ගෙනයමින් රටේම විනාශයද සිදුවන තීන්දු තීරණ ගනිමින් වත්මන් ආණ්ඩුව රටේ සංස්කෘතියටද දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව ද උන්වහන්සේ තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි තවදුරටත් පවසා සිටියේ, වර්තමානය වන විට රටේ ඇතිවී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් වරට දැනුවත් කරන අවස්ථාව මෙය වියහැකි බවත් රටේ වර්තමාන තත්ත්වය පිළිබදව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් කිසිදු ඵලක් නොමැති අතර ඔහු අග්‍රාමාත්‍ය ධූරයට නුසුදුස්සෙක් බව ඔහුගේ කටයුතු තුළින්ම මේ වන විට මනාව පැහැදිලි වී ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සිංහලේ ජාතික පෙරමුණේ ප්‍රචාරක ලේකම් සංජීව පෙරේරා මහතා ද සහභාගි වී සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට