සත්‍යයේ පුවත් අඩහැරය….

යුද්ධය අවසන්ව වසර 08 ක් වුවත් ඉන් පීඩාවට පත්වූ කාන්තාවන්ගේ ගැටළු තවමත් විසදී නෑ – රයිට්ස් නව් (Rights Now) සංවිධානය

 alt=මෙරට යුද්ධය අවසන් වී වසර 08 කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් යුද්ධය නිසා පීඩාවට පත්වූ කාන්තාවන් මුහුණ දී ඇති ගැටළු මෙතෙක් අවසන් වී නොමැති බවත් අදාළ ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර එළිදැක්වීමට කටයුතු කළ බවත් රයිට්ස් නව් (Rights Now) සංවිධානය අවධාරණය කර සිටියි.ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ “දාබිදු සාමුහිකය” වැඩසටහනේ සම්බන්ධීකාරක චමිලා කුමාරි මහත්මිය විසිනි.

සිය අදහස් දක්වමින් චමිලා කුමාරි මහත්මිය තවදුරටත් පවසා සිටියේ යුද්ධයෙන් මියගිය, ආබාධිත වූ සහ අතුරුදහන් වූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් මෙන්ම රණවිරුවන් හෝ රණවිරුවන් නොවන නිර්ණායකයන් පිළිබදව සහ ඇතැම් රාජ්‍ය හෝ පුද්ගලික ආයතන තුළින් යම් රාජකාරියක් සිදුකරගැනීමට යෑමේදී ලිංගික අල්ලස් ඉල්ලා සිටීම ආදී ගැටඵ රැසකට යුද්ධයෙන් පීඩාවට පත්වූ කාන්තාවන් මේ වන විටත් මුහුණ දී සිටින බවයි. යුද්ධයෙන් අවතැන් වූ කාන්තාවන් සම්බන්ධයෙන් සංවේදීව මැදිහත්වී සංහිදියා යාන්ත්‍රණයක් සකස් කිරීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇති බවද චමිලා කුමාරි මහත්මිය වැඩිදුරටත් සිය අදහස් දක්වමින් මෙහිදී පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජරට ප්‍රජා කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්බන්ධීකාරක රූපා ගමගේ සහ යුද්ධයෙන් අවතැන් වූ දිවයිනේ විවිධ ප්‍රදේශන්හි කාන්තාවන් පිරිසක් ද සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට