2018 පාපන්දු ලෝක කුසලානය මෙරටින් මාලදිවයිනට..
2018 පාපන්දු ලෝක කුසලානය විශේෂ ගුවන් යානයක් මගින් අද (24) මෙරට සිට මාලදිවයින බලා රැගෙන යන ලදී. 2018 පාපන්දු ලෝක කුසලානය අද උදෑසන 09.00 සිට සවස 02.00 දක්වා වූ කාලය තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රදර්ශනයට තබන ලද අතර අදාළ කාලය තුළ ක්‍රීඩා ලෝලීන්ට එය නැරඹීම සදහා අවස්ථාව හිමිවන ලදී.